• Sun. Apr 19th, 2026

මහියංගණයට ගිරාදුරුකෝට්ටේට හෙරොයින් බෙදූ තවත් ජාවාරම් කරුවෙක් අත් අඩංගුවට

ByRanjith Karunaweera

Jul 13, 2025

මහියංගණයට ගිරාදුරුකෝට්ටේට හෙරොයින් බෙදූ තවත් ජාවාරම් කරුවෙක් අත් අඩංගුවට

මහියංගණය හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත “හරක් බණ්ඩා” ලෙස අනුවර්තනාමයෙන් හැදින්වෙන පුද්ගලයෙකු මහියංගන පොලිස් ස්ථානයේ වැඩ බලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය 5g 300mg සමඟ අද 13 දින සවස මහියංගන පදිතලා මාර්ගයේ 51 කණුව හන්දියේදී අත් අඩංගුවට ගන්නා ලදි.

මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතා‌‌‌ගේ උපදෙස් අනුව පො.ප චන්දන, පො.සැ 71093 නාලක, පො.සැ 61943 වසන්ත, පො.සැ. 66278 අනුරප්‍රිය, පො.කො 60865 වික්‍රමසිංහ, පො.කො 88742 ප්‍රේමරත්න, පො.කො 81362 ප්‍රේමරත්න, පො.කො. 91593 සමන්, පො.කො 105350 රවිදු, කා.පො.කො 9121 මාලිකා, කා.පො.කො 10318 නිමන්ති, යන නිලදරින් සහය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page