දඹාන රෝහලේ වෛද්‍යවරයාට තරුණයන් පිරිසක් පහරදුන්නා යැයි පවසමින් වෛද්‍යවරයා මහියංගණ රෝහලේ…. 7/13/2025 12:17 PM

මහියංගණ, දඹාන ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට රැගෙන ආ තුවාලකරුවකු සමඟ පැමිණි පිරිසක් රෝහලේ වෛද්‍යවරයා හට පහරදුන් බවට පවසමින් රෝහලේ වෛද්‍යවරයා මහියංගණ මුලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා 12 දින ඇතුලත්ව ඇත.
12 ින සවස 3.30ට පමණ මහියංගණ පදියතලාව පාරේ, 50 කණුව, ඔරුබැදිවැව ප්‍රදේශයේ, “බේසම” නම් වු ස්ථානයේ විනෝද වීම සඳහා ගොස් සිටි තරුණයින් පිරිසකගේ එක් තරුණයෙක් ගසක් උඩ නැගී ජල තටාකයට පැන ඇති අතර, අවසනාවන්ත ලෙස එම තරුණය ජලතටාකයෙන් ඉවතට වැටී තුවාල ලබා ඇත. තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා ඒ ආසන්නයෙන් ඇති දඹාන ග්‍රාමිය රෝහලට ඇතුලත් කර ඇත.
දඹාන රෝහලට ඇතුලත් කල තරුණයා කඩිනමින් මහියංගණ මුලික රෝහලට මාරුකර යවන ලෙස තුවාල කරු සමඟ පැමිණි තරුණ පිරිස ඉල්ලා ඇති අතර, ඒ මොහොත වන විට රෝහලේ ගිලන්රථයේ රියදුරා සිට නොමැති අතර, මහියංගණ රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා රෝගියා මාරුකර යවන බව පවසා වෛද්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්ව යෑමට සැරසුන මොහොතේ තරුණයන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් වෛද්‍යවරයාට තර්ජනය කරමින් පහරදී ඇති බව පැවසේ. දඹාන රෝහලේ වෛද්‍යවරයා හෘද රෝගයක් සම්බන්ධයෙන් යන්ත්‍රයක්ද ශරීරයට බද්ධකර ඇති වෛද්‍යවරයෙක් වන අතර, මෙම පහරදීම හේතුවෙන් එම යන්ත්‍රවලටද හානි සිදු ඇත්තේද යන්න පිළිබද වෛද්‍ය පරික්ෂණ සිදු කිරිමට අවශ්‍ය වන්නේද යන්න සොයාබැලියතු බව මහියංගණ රෝහල් වෛද්‍යවරයෙකු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතා සිද්ධියට සම්බන්ධ පදියලාව සරණගම ප්‍රදේශයේ තරුණයන් 06 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒම පිරිස අතර වෛද්‍යවරයාහට පහරදුන් තරුණයා නොමැති බව වෛද්‍යවරයා පවසා ඇති බව පැවසේ. සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් සොයා මේවන විට මහියංගණ පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
අනතුරින් තුවාල ලැබූ තරුණයා මේ වන විට මහියංගණ මුලික රෝහලේ 08 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, පොලිසිය ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වැඩිදුර විමර්ෂන කටයුතු මහියංගණ පොලිසිය මගින් සිදු කෙරේ.
