හෑන්ඩ් ෆෝන් විකුණන ගමන්, අයිස් මත්ද්‍රව්‍ය + මත් කරලුත් විකිිිණු වයස 21ක තරුණයෙක් පොලිස් දැලේ……
මහියංගණ නගරයේ පෞද්ගලික බස් නැවතුමේ ජංගම දුරකථන අළෙවිසැලක් පවත්වාගෙන යමින් එහි හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය හා මත් කරල් අළෙවි කරමින් සිටියදී උපායදූතයෙකු මාර්ගයෙන් මහියංගණ පොලිසිය විසින්
03 දින සවස අත් අඩංගුවට ගනු ලැබීය. එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස 21ක තරුණයෙකි.
මහියංගණ නගරයේදී
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබු තරුණයින් 02ක්
ගංජා සන්තකයේ තිබු තරුණයින් 02ක්ද එම නිළධාරින් විසින්ම එදින සවස අත් අඩංගුවට ගනු ලැබීය.
මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන වීරසිරි මතා ඇතුළු නිළධාරී කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. මහියංගණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

