• Sat. Apr 18th, 2026

මාපාකඩවැවේ තිබිලා හමු වු T56 ගිණි අවිය කාගේද?

ByRanjith Karunaweera

Jul 1, 2025
Cette photo Facebook – Post.jpg, a été réduite de 97.45 % le Tuesday 01 July 2025 à 21:07 par Emjysoft Photo Réducteur v6.0 à télécharger sur https://www.emjysoft.com/

මාළු දැලේ T56 ගිණි අවියක්  පැටළී අසු වු බවට පුද්ගලයෙකු විසින් මහියංගණ පොලිසිය දැනුවත් කිරිමකින් පසු, මහියංගණ  පොලිසිය විසින් මාපාකඩවැවේ

මසුන් ඇල්ලීම සඳහා ගිය පුද්ගලයෙකුට හමු වු බව කියන T56 ගිණි අවියක් ඊයේ  (01) දින උදෑසන සිය භාරයට ගත් බව මහියංගණ පොලිසිය පවසති.

ගිණි අවිය මළකඩ කා සුළු වශයෙන් විනාශයට පත්ව වෙමින් තිබෙනු දැක ගත හැකි අරත, ටික කලකට පෙර වැවට දමන්නට ඇති බවට විශ්වාස කෙරේ. ගිණි අවියේ පතරොම් ගැබ හමුවී  නොමැත.

වර්ථමානයේ පාතාල ක්‍රියාකාරකම් සඳහා T56 ගිණි අවියක් භාවිතය සම්බන්ධයෙන් හා හමුදා කඳවුරකින් අස්ථාන ගතවුවායැයි කියන T56 ගිණි අවි සම්බන්ධයෙන් සමාජයේ වැඩිවශයෙන් කථාබහ කෙරෙන සමයක මහියංගණයේ මාපාකඩවැවටT56 ගිණි අවියක්  ගෙනවිත් දමන්නට ඇත්තේ කුමණ කාරයකට යන්න පැහැදිලි නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක   ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත වැඩබලන ස්ථානාධිපති  පොලිස් පරික්ෂක චන්දන වීරසිරි , පො.ප ජයතිලක, ඇතුළු නිළධාැරීන් කණ්ඩායමක් විසින්  වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page