මහියංගණ ගෙවල් 20 දොඩම්වත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණියක් වන “චූටි නංගි” පොලිස් අත් අඩංගුවට චුටි නංගිගේ තාත්තා හා මස්සිනාත් ඒ් සමඟම අත් අඩංගුවට
කලක පටන් මහියංගණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් නිරතවන බවට පැවසෙන මහියංගණ ගෙවල් 20, දොඩම්වත්ත ප්‍රදේශයේ පවුලක, දියණියක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මහියංගණ පොලිසියේ පොලිස් පරික්ෂක චන්දන වීරසිරි මහතාට ලද තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී 24 දින දහවල් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසති.
අයිස් මත්ද්‍රව්‍ය ග්රූම් 10.4ක් සමඟ ජංගමු දරකථන 11ක්, මත්ද්‍රව්‍යා ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් 119000/=ක මුදලක් සමඟ අත් අඩංගුවට ගෙන ඇත. ලැබුන තොරතුරකට අනුව දොඩම්වත්ත ප්‍ර දේශයේ සැකකාරියගේ නිවස වටලා සිදු කල පරික්ෂාවේදී මත්ද්‍රව්‍ය සමගින් සැකකාරිය ඇතුළු පිරිස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඒලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ “දොඩම්වත්තේ චූටි නංගි ” නමින් හැදින්වෙන කාන්තාවක් වන අතර, අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකාරියගේ පියා හා මස්සිනාද ඇය සමගින් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් සැකකාරිය මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයහමුවට ඉදිරිපත් කල තැනැත්තියක් බව පොලිසිය පවසති. ඇයගේ මවද මීට පෙර මත්ද්‍රව්‍යා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට ගත් තැනැත්තියක් බව පොලිසිය වැඩිදුරටත් පවසති.
බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති, සුජිත් වෙදමුල්ල මහතා , බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී කන්දේවත්ත මහතා, මහියංගණ සහකාර පොලිස් අධිකාරී පී ඩබ්ලිව් එස් බී පලීපාන මහතා,
මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම පොලිස් පරික්ෂක චන්දන වීරසිරි , පො.ප ජයතිලක, උ.පො.ප දිසානායක, පො.සැ 71093 නාලක, පො.කො 79155 බුද්ධික, පො.කො 60865 වික්‍රමසිංහ, පො.කො 105350 රවිදු, කා.පො.කො 10249 ක්‍රිස්නි, කා.පො.කො 11341 අයේශිකා යන නිළධරින් හා නිළධාරිණියන් විසින් සිදු කර ඇත
