ඹාන ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමාවේ ඌර්ණ රෝමධාතුව සොරකම් කරලා
මහියංගනය, දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ “දඹාන ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ ” පසුගිය පොසොන් පොහෝ දින බෝ මළුවේ අළුතින් ස්ථාපිත කල බුද්ධ ප්‍රතිමාවේ පවුම් 2.5 පමණ බරැති රනින් නිමකල ඌර්ණ රෝමධාතුව 24 දින හෝ ඊට ආසන්න දිනකදී කිසිවෙකු විසින් සොරකම් කර ගෙන ඇති බවට විහාරාධිපති පූජ්‍ය ගල්පෝරුයායේ ප්‍රදීපවංශ නායක හිමියන් විසින් මහියංගණය පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම සොරකමට අදාලව කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්තඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂන කටයුතු මහියංගනය පොළිස් ස්ථානය මගින් මේ වන සිදු කරනු ලබති.

