







අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර ආරක්ෂා කිරීම වෙනුවෙන් 1991 ජුලි මස 14 දින දිවි පිදූ කෝප්‍රල් ගාමිණී කුලරත්න පීඩබ්ලිව්වී රණවිරුවා වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමක් 2025.05.29 දින හසලක නගරයේ පිහිටි රණවිරු ගාමිණි කුලරත්න පිළිරුව අභියසදි පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.එම් බස්නායක මහතාගේ සහ රණවිරු ගාමිණි කුලරත්ත මහතාගේ මව වයි.ජී. ජුලියට් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. හසලක පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. රත්නායක මහතා ඇතුලූ රාජ්‍ය නිළධාරින් රැසක් එම අවස්ථාව සඳහා එක් වූහ. මිනිපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය. හසලක පොලිසිය රාජ්‍ය ආයතන වෙළද සංගමය ඇතුලූ සංවිධාන විසින් මෙම උත්සවය සංවිධානය කෙරිණි
