


ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ආරාධනාවක් මත වන්නිල ඇත්තන් හමුවීම සඳහා ධීවර,ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පසුගියදා දඹාන කොටබකිණිය ගම්මානයේ සංචාරයක නිරත විය.
එම සාකච්ඡාවේදී ආදිවාසී ධීවරයින්ට මාදුරු ඔයේ ධීවර කර්මාන්තයේ නියැළීමට තොටුපොළක අවශ්‍යතාවය ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් පෙන්වා දුන් අතර ස්වභාවික පරිසරයත් ආරක්ෂා කරගනිමින් එම ධීවර තොටුපළ ආරම්හ කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලිමට එකඟතාවය ඵල කෙරිණි
