හසලක පොලිසියේ මූලිකත්වයෙන් හසලක ප්‍රදේශයේ රජයේ ආයතනවල නිලධාරීන් පුද්ගලික ආයතන හසලක ත්‍රීවිල් සංගමය හසලක වෙළෙඳ සංගමය හසලක කාර්මික විද්‍යාලය හසලක සුමිත්‍රා ඇඟලුම් කම්හල ඇතුළු ආයතන ඒකරාශී කරගෙන හසලක නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියාද සිදුකරනු ලැබූ අතර, කුණු බැහැර කිරීම සඳහා වශ්‍යය කසල බඳුන් නගරයේ තැනින් තැන ස්ථානගතකර ජනතාව දැනුවත් කිරිමද එහිදී සිදුකරන ලදී.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ උඩ දුම්බර පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ එම් බස්නායක මහතා ද සහභාගි වූහ.

















