• Sat. Apr 18th, 2026

මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ව්‍යාපාර කල අයට නඩු හා දඩ

ByRanjith Karunaweera

Mar 28, 2025

මහජන සෞඛ්‍යට අහිතකර ලෙස ව්‍යාපාර කල අයට නඩු හා දඩ

හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුල 2025/03/05 දින සිදු කරන ලද වැටලීමෙදී කල් ඉකුත් වූ ආහාර, මනුෂ්‍ය පරිබෝජනයට නුසුදුසු ආහාර, සනීපාරක්ෂාවට අහිතකර මට්ටමේ හෝටල් සහ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කිරීම් යන වැරදි සම්බන්ධයෙන් පවරනු ලැබු නඩු 10 ක් සඳහා 2025/03/20 මහියංගණ මහේස්ත්‍රාත් අධ්කරණය මගින් එම ව්‍යාපාරික ස්ථාන සඳහා රු: 111000 ක දඩ නියම කෙරිණි.

හසලක මහජන සෞඛ්‍ය පරීක්ෂක පංකජ සවින්දික, මිනිපේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දේශාන් විතාරණ, උල්පතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක දිනුෂ්ක මියුරංග මහතා හා උඩදුම්බර, මැදදුම්බර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් විසින් එම පරික්ෂාවන් සිදුකරනු ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page