• Sat. Apr 18th, 2026

රිදීමාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශයේ අතුරුදහන්වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලෝග්ගල්ලා ඔය අලිකදුර වැවේ පාවමින් තිබියදි හමුවෙයි

ByRanjith Karunaweera

Feb 26, 2025

රිදීමාලියද්ද ප්‍රාදේශිය‌ ලේකම් කොට්ඨාශයට අයත් කුරුවිතැන්න පුනැගැවැව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු පෙරේදා (24) රාත්‍රී කාලයේ සිට අතුරුදහන් වී ඇති අතර ඔහුගේ මළ සිරුර අද (26) උදැසන ලෝග්ගල්ලා ඔය ජලාශයේ අලිකදුර වැවේ පාවේමින් තිබියදි සොයාගත් බව අරාව පොලිසිය පවසයි .

මේසේ මරණයට පත්ව ඇත්තේ පුනැගැවැව කුරුවිතැන්න ප්‍රදේශයේ පදිංචි ඒ.එම් පැතුම් ප්‍රේමතිලක නැමැති 41 හැවිරිදි දෙදරු පියෙකි .

පෙරේදා 24 වැනිදා රාත්‍රී මරණ කරුගේ බිරිද සමග ආරවුලක් ඇති කර‌ගෙන බහින් බස් වී බිරිද සමග අමනාපවි නිවසින් ගිය බවට මරණ කරුගේ බිරිද විසින් ඊයේ 25 අරාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අරව පොලිසිය සහ ප්‍රදේශවාසින් අතුරුදහන්වු පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකර ඇති අතර අද උදැසැන ලොග්ගල්ලා ඔය අලිකදුර පාලම ලග තිබු මරණ කරුගේ පාවාහන් යුගලය හමුවී ඇති අතර ඒ අනුව ඔරු යොදාගෙන අලිකදුර වැවේ මෘත දේහය සෙවිමේදි වැවේ පාවෙමින් තිබියදි මෙම පුද්ගලයාගේ මළ සිරර හමුවු බව පොලිසිය කියයි .

මහියංගන වැඩ බලන මහේස්ත්‍රාත් එස් . ගෝවින්ද මහතා ඉදිරියේ මරණය ගොඩට ගනු ලැබු අතර වැඩ බලන මහේස්ත්‍රාත් එස් . ගෝවින්ද මහතා විසින් මෙම මෘත දේහය පෂ්චාත් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහලේ මෘත ශරිරාගාරයට යොමුකරන ලේම පොලිසියට නියොග කරනු ලැබු අතර පෂ්චාත් මරණ පරික්ෂණය හෙට දිනයේ සිදුකිරිමට නියමිතව ඇත .

ලොග්ගල්ලා ඔය ඇලේ අලිකදුර පාලමෙන් පහලට මෙම පුද්ගලයා පනින්ට ඇතැයි පොලිසිය සැකකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අරාව පොලිසිය පරික්ෂණ පවත්වයි

විස්තර හා ඡායාරූප ස්තූතිය

විමුක්ති සංජය පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page