උතුම් දළදා සමිදු වෙනුවෙන් කිලෝ 4.25ක රන් පාත්‍රයක් පූජා කිරිම…
දළදා හාමුදුරුවන් හට දානය පිලිගැන්වීම සදහා නිර්මාණය කල දැනට දළදා මාලිගාවේහි වැඩිම රත්‍රං ප්‍රමාණයකින් යුත් එකම භාණ්ඩය ලෙස පසුගියදා දළදා සමිදුන් වෙත පූජා කල රත්‍රං පාත්‍රය සැලකිය හැක.
2024/2025 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්කිතාභිදාන ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි දෙස් විදෙස් නන්දෙසින් බෞද්ධ හා අන්‍ය ආගමික ජනයාගේ ධනයෙන් හා රත්‍රං පරිත්‍යාගයෙන්, හසලක රත්නා ජුවලරි අධිපතිනිය වන රේණුකා පරකටවැල්ල මහත්මිය හා යක්කල උදය නිශාන්ත මහතා විසින් රන් පාත්‍රය නිර්මාණය කෙරිණි. එහි සියලුම වැඩ නිමකිරිම දක්ෂ පලපුරුදු රං කරුවන්ගෙන්, නවීන තාක්ෂණික උපකරණ උපයෝගී කරගනිමින් දින 30ක් ඇතුලත නිර්මාණ වැඩ කටයුතු නිමකිරිමට හැකි විණ. මැණික් හා ස්වර්ණාභරණ ආයතනය විසින් ද තහවුරු කරන ලද කැරට් 21 සහතිකය මත රන් පවුම් 531.7 ( 4.25 Kg ) යන රත්‍රං ප්‍රමාණයකින් එම පාත්‍රය නිම කර, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාගේ නිල කාලයේදී පූජා කරන්නට යෙදුනේ වර්ෂ 2025 ක් වූ ජූලි මස 5 වන දින දීය.
– Rathna Jewellery in Mahiyangana –













