• Sun. Apr 19th, 2026

හසලකදී සිදු වූ මාරක රිය අනතුර “ඒ වේලාවේ පණ තිබ්බා… කතා කෙරුවා අපිට”

ByRanjith Karunaweera

Jul 12, 2025

හසලකදී සිදු වූ මාරක රිය අනතුර “ඒ වේලාවේ පණ තිබ්බා… කතා කෙරුවා අපිට”

———-

හසලක – වස්ගමුව මාර්ගයේ දහඅටේ ඇළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පාපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (11) දින සවස 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය මාර්ගයේ ගමන් කරමින් තිබූ පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තුවාලකරුවන් මහියංගන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු හසලක පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page