• Sat. Apr 18th, 2026

මල්ලිගේ කෙරුවාවෙන් අක්කයි නංගියි රෝහලට නිවස අළු ගොඩක් බවට

ByRanjith Karunaweera

Jul 2, 2025

මල්ලිගේ කෙරුවාවෙන් අක්කයි නංගියි රෝහලට නිවස අළු ගොඩක් බවට

නිවසට ගිණි තබා තම සොහොයුරියන් දෙදෙනට පිහියෙන් ඇණ ඝාතනයට ලක්කිරිමට තැත් කල පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනිමට මහියංගණ පොලිසියෙන් විමර්ෂණ… 

කලක පටන් පවතින ඉඩම් ආරව්ලක් හේතුවෙන් තම වයෝවෘද්ද දෙමාපියන් කාමරයකට දමා, නිවසට ගිණි තබා, තම වැඩිමහල් සහෝදරියට හා බාල සහෝදරියට පිහියෙන් ඇණ තුවාල සිදු කර ඝාතනයට තැත් කර ප්‍රදේශයෙන් ඵලා ගොස් සිටින පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිම සඳහා මහියංගණ පොලිසිට විමර්ශණ කටයුතු ආරම්භ කල බව මහියංගණය පොලිසිය පවසති.

 මහියංගණ පදියතලා පාරේ 49 කණුව ප්‍ර දේශයේ 02/32, දරණ නිවසට 30 දින රාත්‍රි  ගිණි තබු පුද්ලගයෙක් එලෙස ප්‍ර දේශයෙන් ඵලා ගොස් ඇත.  එලෙස ඵලා ගොස් ඇත්තේ වයස අවුරුදු 43 පමණ වන පුද්ගලයෙකි. නිවසට ගිණිතැබීම හේතුවෙන් නිවසේ කොටසක්ම දැඩි හානියට පත්ව ඇති අතර, මාස දෙකකට ඉහතදී නිවසට ගෙන ස්කූටි වර්ගයේ යතුරු පැදියක්ද, පාසල් යන වයසේ පසුවන දියණියන් දෙදෙනෙකුගේ පාසල් පොත්පත් සියල්ල හා වී ගෝනී 04ක් දැවී අළු බවට පත්ව ඇත. නිවසේ එක් කොටසක් ගින්නෙන් දැවී දැඩි ලෙස හානියට පත්ව ඇත.

රාත්‍රි 9.00ට පමණ එම නිවසට පැමිණි ඉහත සැකකරු, නිවසේ දොරට ගසා, විවෘත කරවාගෙන කලහා කාරි ලෙස හැසිරී,  නිවසට ගිණිතබා එම පුද්ගලයාගේ සහෝදරියන් හට පිහියකින් ඇන තුවාල සිදු කර ඇත. තුවාල ලබා අසල නිවසකට දිව ගොස් ඇති  එක් කාන්තාවකගේ පසුපසින් හබා ගොස් එම ස්ථානයේදිද එම කාන්තාව ඝාතනය කරන්නට උත්සාහ දරා ඇත. අසල්වාසී නිවසටද ගොස් කලහකාරි ලෙස හැසිරුනු අදාල සැකකරු ඒම නිවසේ දේපල වලටද හානි සිදු කර ඇත.

දෙමාපියන් පදිංචිව සිටි ඉඩම සැකකරුගේ සොහොයුරියන් හට ලියා වෙන් කිරිම හේතුවෙන් සැකකරු කලක පටන් මේ ආකාරයෙන් ඔහුන් සමඟ ගැටුම් ඇති කර ගන්නා බව පැවසේ. ඵල ගොස් සිටින සැකකරු සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාගයට ගැනෙන අතර, ඔහුගේ වැඩිමහල් සහෝදරියද අපයෝජනය කල සිදුවීමක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩුවක් විභාගය වෙමින් පවතින බවත්, මීට පෙර ගිණි අවියක් ඔහු සන්තකයේ තිබී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ  පවුලේ ඥාතින් පවසති. මේ වන විට සැකකරු ප්‍ර දේශයෙන් ඵලා ගොස් සැඟව සිටීම හේතුවෙන් සිය පවුලටම දැඩි ජිවිත තර්ජනයක් උදා වි ඇති බවට සැකකරුගේ දෙමාපියන් පවුලේ ඥාතින් හා සහෝදරියන් ප්‍රකාශ කරති. සැකකරු කලහකාරි ලෙස හැසිරෙන අවස්ථාවේ නිවසේ සිටි කුඩා දැරියන් දෙදෙනා නිවසින් පිටට  දිවගොස් දිවිබේරාගත් බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක   ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතාගේ උපදෙස් මත වැඩබලන ස්ථානාධිපති  පොලිස් පරික්ෂක චන්දන වීරසිරි, පො.ප ජයතිලක, උප පොලිස් පරික්ෂක සුමිත් මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින්  වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page