• Sat. Apr 18th, 2026

පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් අකක්ර 150ක් පමණ විනාශයි

ByRanjith Karunaweera

Aug 13, 2025

පූඩුල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් අකක්ර 150ක් පමණ විනාශයි 8/13/2025 12:10 PM

රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දික්යාය, පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ 12 දින සවස් කාලයේ ගින්නක් හටගෙන ඇති අතර රාත්‍රී කාලය වන විට අක්කර 150ක පමණ ගින්න පැතිරගොස් තිබු බව ප්‍රදේශවාසින් පවසයි .
මෙම රක්ෂිත යට නිරන්තරයෙන් වන සතුන් දඩයම් කිරිම සදහා පුද්ගලයින් ඇතුල්වන බවත් වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මෙසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි ප්‍රදේශවාසින් පවසයි .
ඊයේ 12 දින සවස 4ට පමණ මෙම ගින්න හටගෙන රාත්‍රීකාලගය දක්වා ගින්න පැතිරගිය බවත් රාත්‍රී පහන් වන විට ගින්න ස්භාවිකවම පාළනය වි නිවිගොස් ඇති බව ප්‍රදේශවාසින් සදහන් කරයි .
මෙම ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් වන අතර මුවන් ,ගෝන්නුන් සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රෙදේශයේ බහුලව දක්නට ලැබේන අතර ලංකාවට පමණක් අවේනික දුර්ලභ ශක වර්ග ඇතැයි පරිසර වේදියෝ පෙන්වා දෙති .
මේ දිනවල අධික නියං තත්වයක් පවතින බැවින් දඩයක් කරුවන් විසින් නිරන්තරයෙන් කෑලැ ගිනිතබන බවත් ඒ සදහා අදාළ බළධාරින් නීතිමය වශයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ප්‍රදේශවාසින් කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page