හසලක ගුරුලුපොත කඳන්හේන බෝමලුව විහාරයේ විහාරාධිපති මැදඔයේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවායි !!!
බදුලු මුතියංගන රජ මහා විහාරස්ථානයේ භාරකාරත්වය උසුලමින් වැඩ සිට අපවත් වී වදාළ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේවෙල සුමනජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රිය ශිෂ්‍යයන් වහන්සේ නමක් වශයෙන් බදුලු මුතියංගන රජ මහා විහාරයේද, මහනුවර ලංකාතිලක රජ මහා විහාරයේද තේවාභාරව කටයුතු කරමින් ශාසනික වශයෙන් මහත් සේවාවක් සිදු කරන ලද, හසලක ගුරුලුපොත කඳන්හේන බෝමලුව විහාරයේ විහාරාධිපතීත්වය උසුලමින් මැදඔයේ සුමනතිස්ස ස්වාමීන් වහන්සේ වැඩ සිටියහ.
බොහෝ ගිහි පැවිදි පිරිස අතර මිත්‍රශීලීවද සුහදශීලීවද ප්‍රියභාෂිනීව වැඩ කටයුතු කරන ලද උන්වහන්සේ හදිසි රෝගාතුර තත්වයක් හේතුවෙන් 2025.07.20 වන දින අපවත් වී වදාළහ.
උන්වහන්සේගේ සසර ගමන නිමා කරන්නට
නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු !!!











