
මිණිපේ මොරයායේ මත්කුඩු ජාවාරම්කරුවන් හසලක පොලිසියට කොටුවෙති.
පොලිස්පති තුමාගේ නියෝග පරිදි දිවයින තුල මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්විමට ආරම්භ කර ඇති විශේෂ මෙහෙයූමට සමගාමිව තෙල්දෙනිය කොට්ඨාශ භාර ජේ.පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ සහ හසලක පොලිස් ස්ථාන අධික්ෂණ නිළධාරි සහකාර පොලිස් අධිකාරි අසිත තොටගොඩවත්ත මහතාගේ උපදෙස් පරිදි හසලක පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.රත්නායක ඇතුලූ නිළධාරින් කන්ඩායමක් විසින් හසලක මොරයාය ප්‍රදේශයේ දි හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධාන පෙළේ ජාවාරම් කරුවෙකු සමඟ පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව හසලක පොලිසිය පවසති. ඉහත සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් යින් ග්‍රෑම් 08කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
ඊට අමතරව තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සමඟ කල වැටිලිම් වලදි සැකකරු 03 දෙනෙක් හා හෙරොයින් ග්‍රෑම් 26ක් පමණ සොයාගෙන ඇත. තෙල්දෙණිය කොට්ඨාශභාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි හසලක පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප.රත්නායක මහතා ඇතුලූ නිළධාරින් කන්ඩායමක් විසින් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදු කරති.
