


බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාගේ ආරාධනයෙන් මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ උල්හිටිය – රත්කිද ජලාශයේ ධීවර කර්මාන්තයට බාධාවක් වන ලෙස වැඩී ඇති ඇල්ගී විශේෂයක් සම්බන්ධව පරීක්ෂා කිරීමට සහ එම ජලාශය ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවරයින්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය
