• Sat. Apr 18th, 2026

අනන්‍යතාවය රහසක් – 1997 කෙටි දුරකථන අංකය

ByRanjith Karunaweera

Jan 31, 2025

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සිදු කිරීම් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාවය අනාවරණය නොවන

“1997” කෙටි දුරකථන අංකය පැය 24 පුරා ඔබ වෙත විවෘතය.

මෙහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයට අනුයුක්තව කොළඹ 07 මළලසේකර මාවතේ පිහිටි විශේෂ කාර්යංශ මූලස්ථානයේ ස්ථාපිත කර ඇත. මෙම දුරකථන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසට වැඩබලන පොලිස්පතිතුමා විසින් සියළුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම කෙටි දුරකථන අංකය මඟින් පහත සඳහන් කරුණු වලට අදාල තොරතුරු පොලිසිය වෙත දැනුම් දිය හැකිය.

• විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, මහා පරිමාණ දූෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියා

• රජයේ වාහන හා දේපල අවභාවිතා කිරීම, සැඟවීම හෝ පැහැර ගැනීම සම්බන්ධව තොරතුරු,

• විදේශ සංචාරකයින්ට සිදු වන හිරිහැර, කරදර හෝ ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධව.

• විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුල ක්‍රියාත්මක නවක වදය සම්බන්ධ තොරතුරු.

• පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන වංචා, අල්ලස් ලබා ගැනීම වැනි අකටයුතුකම් සම්බන්ධව

• පරිසර වැරදි පිලිබඳ තොරතුරු.

• වෙනත් වැදගත් තොරතුරු

එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිටින මහජනතාවට දමිළ බසින් ඉහත කරුණු සම්බන්ධයෙන් “107” කෙටි දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා දීමේ හැකියාව පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page