• Sat. Apr 18th, 2026

ඩුබායි සිට සියා බලන්න ඇවිත්, පොඩි සීයාගේ ලොරිය නිසා අවසන් ගමන් ගිය පුංචි මල් කැකුළ.

ByRanjith Karunaweera

Jan 8, 2025

ඩුබායි සිට සියා බලන්න ඇවිත්, පොඩි සීයාගේ ලොරිය නිසා අවසන් ගමන් ගිය පුංචි මල් කැකුළ. අවුරුද්දයි මාස අටයි සුරතල් දියණිය සීයාගේ ලොරියට නිවසේදීම යටවී මිය යයි මිණිපේ, හසලක, කිණපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලකගේ වයස අවුරුද්දයි මාස අටක් වයසැති කුඩා දියණියක්, දරුවාගේ පියාගේ පොඩි මාමා (මියගිය සිගිත්තියගේ පොඩි සීයා ) පැදවු ලොරි රථයකට යටවී අවාසනාවන්ත ලෙස පසුගිය 28-12-2024 දින සවස මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ සෙනුෂි සිහංසා නැමැති සිඟිත්තියකි. 29 දින උදෑසන මියගිය සිගිත්තියගේ මාතර පිහිටි මවගේ නිවසට යෑම සඳහා නිවසට ජලය රැගෙන යෑමට නිවසේ තිබූ ලොරි රථය පණගන්වාගෙන කඩපිලටයෑමට පිටත් වු දරුවාගේ සීයා පැඳවු ලොරි රථයට නිවස ඉදිරිපසදීම යටවී අවාසනාවන්ත ලෙස සෙනුෂි සිහංසා ජිවිතයෙන් සමුගෙන ඇත. මියගිය දියණියගේ දෙමාපියන් ඩුබායි රාජ්‍යයයේ සේවයේ නියුතුව සිටින අතර, මිය ගිය දියණිය ඇතුළු මව මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මාතර පිහිටි මවගේ නිවසට පැමිණ ඇත. ඉන් පසු සති කිහිපයකට පෙර හසලක කීණපැලැස්සේ පිහිටි පියාගේ නිවසට ඔවුන් පැමිණ ඇත. හසලක රැදී සිටි ඔහුන් 29 දින යලි මාතර බලා යෑමට සූදානම්ව සිට ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කළමණා හා නිවසට අවශ්‍ය ජලය රැගෙන යෑමට ඊට පෙර දින සවස (28) දැරියගේ පොඩි සීයා නිවසේ තිබු ලොරි රථය රැගෙන කඩපිලට යෑමට සූදානම්ව ඇත. ඒ වන විටත් සෙනුෂි දියණියට මව කෑම කවමින් සිට ඇත. අනෙක් නිවැසියන් මුළුතැන්ගේ රොටී අනුභව කරමින් සිට ඇත. කෙසේ නමුත් දියණියට කෑම කවා අවසන් වු පසු මව අත සෝදා ගැනිම සඳහා මුළුතැන්ගෙට ගොස් ඇති මොහොතේ, රොටී කැබැල්ලක්ද අතට ගෙන සිගිත්තිය නිවසින් බැහැරට පැමිණ ඇති අතර, ඒ පිළිබද සෝදියක නොසිටි ඇයගේ පොඩි සීයා කඩපිලට යෑමට නිවස ඉදිරිපි නවතා තිබු ලොරි රථය ඉදිරියට ‍ගැනීමේදී ලොරි රථයේ පිටුපස රෝදයට යටවී දියණිය අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත. ලොරි රථයට යට වු දියණිය නිවැසියන් විසින් කඩිනමින් රෝහල් ගත කෙරුණද, දියණියගේ ජිවිතය බේරාගැනිමට නොහැකි වී ඇත. කුඩා දියණිය නිවස ඉදිරිපිට ලොරිය දෙසට පැමිණිම නිවාසැයන් කිසිවෙකු දැක නොමැති බව පැවසේ. සිද්ධිය පිළිබද විමර්ශණ කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරනු ලැබ ඇති අතර, ලොරි රථය පැඳවු මිය ගිය සිගිත්තියගේ පොඩි සීයා අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page