• Sat. Apr 18th, 2026

පාලමේ ආරක්ෂාව නොතකා බඩගෝස්තරවාදින් නැවතත් වැලි ජාවාරමේ

ByRanjith Karunaweera

Feb 28, 2025

මහියංගණ වේරගංතොට මහවැලි පාලමේ ආරක්ෂාව වෙනුවෙන් මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය, මාර්ග සංවර්ධන අධිකාරිය, හා භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් වැලි කැණිම් සපුරා තහනම් කල (පාලමේ සිට පහළට හා ඉහලට කිලෝමීටර් 01ක් ) කලාපයේ යලි වැලි ජාවාරම් කරුවන්ගේ දැඩි ග්‍රහණයට ලක්වෙන් පවතී හසලක පොලිස් බලප්‍ර දේශයට අයත් වේරගංතොට පාලමහංන්දිය, ගගේයාය පරගහමූකලාන ප්‍ර දේශයේ වැලි තොටුපල කිහිපයක පිරිසක් විසින් මෙම නිති විරෝධි වැලි ජාවාරම සිදුකරගෙන යමින් පවති.

(28-02-2025 ) දින ෆයිබර් බෝට්ටු කිහිපයක් යොදා ගනිමින්, මහවැලි ඟග දිගේ ඉහළට පැමිණ ( මහියංගණ පොලිස් බලප්‍රදේශයේ ) සේම, පාලමේ සිට කිලෝමීටර් 01ක් පහලට, වැලි කැණිම් සපුරා තහනම් ප්‍රදේශයට පිවිසෙමින්

වැලි කැණිම් සිදුකරන ආකාරය දක්නට ලැබිණි. මේ පිළිබද හසලක පොලිසිය දැණුවත් කිරිම සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page