සොරබොරට පානීය ජලය ලැබීමේ අඩුවට පිළියම්…..
මහියංගණ, සොරබොර ප්‍රදේශයට පානිය ජලය ප්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන්, මහියංගණ ජල සම්පාදන මණ්ඩලයේ ස්ථානාධ්පති සන්ධ්‍යා මහත්මිය ඇතුලු කාර්‍ය් මණ්ඩලය විසින් ජල නළ පද්ධතියේ අළුත්වැඩියා කටයුත්තක් ආරම්භ කරනු ලැබීය.
එහි කටයුතු සොයා බැලීම සදහා බදුල්ල දිස්ත්‍රික් ඉංජිනේරු දිසානායක මහතා සවස් කාලයේ පැමිණි අතර බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදල් බලගල්ල මහතාද, රාත්‍රියේ එම ස්ථානයේ වැඩකටයුතු සිදු කෙරෙන ආකාරය දැකබලා ගැනිම සඳහා පැමිණ සිටියේය.










