• Sun. Apr 19th, 2026

මහියංගණයේ හදිසි රථවාහන පරික්ෂා 110න්  රථවාහන 39ක් අළුත්වැඩියාවට යොමුකර  නැවත පිළිසතර කර මෝටර් රථ පරික්ෂක මහතුන් හමුවට නැවත ඉදිරිපත් කිරිමට  උපදෙස්

ByRanjith Karunaweera

Jul 5, 2025

මහියංගණයේ හදිසි රථවාහන පරික්ෂා 110න්  රථවාහන 39ක් අළුත්වැඩියාවට යොමුකර  නැවත පිළිසතර කර මෝටර් රථ පරික්ෂක මහතුන් හමුවට නැවත ඉදිරිපත් කිරිමට  උපදෙස්

මහියංගණ නගරයේ  සිට ධාවනය කෙරෙන කෙටි දුර ධාවන රජයේ හා ලංගම, පෞද්ගලික බස් රථ ඇතුළු සියළු රථවාහන පක්ෂාවක් 02 දින දවස පුරා මහියංගණ නගරයේදී ක්‍රියාත්මක කෙරිණි.

එම හදිසි පරික්ෂාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොළඹ ප්‍රධාන කාර්යාලයේ මෝටර් රථ පරීක්ෂක   නදීර වනිගසූරියආරච්චි මහතා හා බදුල්ල  දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක අකලංක බණ්ඩාර  මහතා ඇතුළු නිළධාරීන් සහ මහියංගණ පොලිසියේ රථවාහන  අංශයේ ස්ථානාධිපති සී එම් ඒ කුමාර මහතා ඇතුළු වාහන දුම් පරික්ෂා කිරිමේ නිළධාරීන් කණ්ඩායමක් විසින්  මෙම හදිසි පරීක්ෂාව සිදුකළේය.

දිනය පුරා සිදු කල රථවාහන පරික්ෂාවෙන් රථවාහන 110 පරක්ෂාවට ලක්කල අතර, ඉන් රථවාහන 39ක් අළුත්වැඩියා සිදු කිරිමට නියෝග කෙරිණි.

රථවාහන වල අනතුරු දායක ලෙස සවිකල  අනවශ්‍ය උපාංගද , අනවශ්‍ය ස්ටිකර්, අධික ශබ්දය ගෙන දෙන හෝන් සියල්ල ඉවත් කර ජුලි 15 දින  නැවත මෝටර් රථ පරික්ෂක මහතුන් හමුවට ඉදිරිපත් කිරිමට එහිදී  දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page