2025.07.04 දින පැවැත්වීමට නියමිත Clean Sri Lanka වැඩසටහනට සමගාමීව “ශ්‍රම මෙහෙයුම” සඳහා හසලක කාර්මික විද්‍යාලයේදි පිහිටුවාගත් කමිටුවේ දෙවන රැස්වීම ඊයේ දින (2025/07/01 දින) විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
එයට මිණිපේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී E. M. බස්නායක මහතා සමග ආරාධිත කමිටු සාමාජිකයින් සහභාගි විය. එහිදී කාර්මික විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් ශ්‍රම මෙහෙයුම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදී.







