සොරබොරවැව ධීවර සමිති ගැටළුව දුරදිග ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු, රෝහල්ගතව සිටි පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර ඇත 12:21 PM 8/22/2025
මහියංගණ, සොරබොර එකමුතු ග්‍රාමීය ධීවර සමිතියේ ඇතිවු ගැටලුවකට පහරදීමක් සිදුකල බව පවසා මහියංගනය රෝහලේ වාට්ටු අංක 08 ට ඇතුලත්ව නේවාසිකව සිටි, මහියංගනය, දෙහිගොල්ල යන ලිපිනයේ පදිංචි, එකමුතු ග්‍රාමීය ධීවර සංගමයේ පැරණි සභාපති වරයා හට, සොරබොර, මහියංගනය යන ලිපිනයේ පදිංචි, මහියංගනය ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරණ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු හා ඔහුගේ සහෝදරයා විසින් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමකින් පහරදී තුවාල සිදුකර ඇති බවට මහියංගනය රෝහල් පොලීසිය වෙත ඊයේ 21 දින පැමිනිලි කර ඇත.
මහියංගණ, සොරබොර වැවේ ධීවර සංගමයේ සභාපති ලෙස වසර 17ක් සභාපති ලෙස කටයුතු කල පුද්ගලයෙකු, 20 දින පැවති නිලවරණයකින් පසු නව ධිවර සංගම් සභාපතිවරයෙකු පත් කර ගැනීමෙන් අනතුරුව, ඊයේ 21 දින උදෑසන 6.30ට පමණ, නව සභාපතිවරයා ධිවර කයුතු සිදු කිරිමට සොරබොරවැවේ මාළු තොටුපලට ගිය අවස්ථාවේ, පැරණි සබාපති නව සභාපති සමඟ ඇති වු බහින් බස්වීමක් දුරදිග ගොස් නව සභාපති සමඟ සිටි ධිවර සමිති සාමාජිකයෙකුගේ ගෙල ප්‍රදේශයට, පැරණි ධිවර සමිති සභාපති පිහියකින් ඇනීම හේතුවෙන් එම පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයට සිදු වු තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඊයේ උදෑසන ඇතුලත්ව ඇත.
පැරණි සභාපතිවරයාට, නව සභාපතිනාරයාගේ පාර්ශවයෙන් පහරදීමක් සිදු කල බව පවසමින්, ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ඔහුද ඊයේ උදෑසන මහියංගණ මුලික රෝහලට ඇතුලත්ව ඇත.
පැරණි සභාපතිවරයා විසින් සිදු කල පිහි ප්‍රහාරය පිළිබද ආරංචිය ලැබී, පිහි ප්‍රහාරයට ලක්වු පුද්ගලයාගේ පුත්‍රයෙකු වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු හා ඔහුගේ සහෝදරයා සමඟ රෝහලේ 08 වාට්ටුව තුලටම ගොස් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි, පිහි ප්‍රහාරය සිදු කල පුද්ගලයා හට දැඩි ලෙස යතුරුපැදි හිස් වැසුමකින් පහරදුන් බවට පැමිණිල්ලේ සඳහන් වේ. පිහි ඇණුම සිදුකල පුද්ගලයාට එරෙහිවද පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
මේවන විට පිහි ප්‍රහාරයට ලක්වු පුද්ගලය හා පිහි ප්‍රහාරය සිදු කල පැරණි ධීවර සමිති සභාපති මහියංගණ මුලික රෝහලේ 08 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතා ගේ උපදෙස් මත, පොලිස් පරික්ෂඛ චන්දන මහතා ඇතුළු නිළධාරි කණ්ඩායමක් විසින්, වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කෙරෙන අතර පහරදීම් සිදු කල කිසිදු පුද්ගලයෙකු ඊයේ සවස් වනතුරු අත් අඩංගුවට ගැනීමට නොහැකිව ඇත.

