බදුලු මහියංගණ මාර්ගයේ රිය අනතුරු අවම කරගන්න රියදුරන් දැනුවත් කෙරෙන පුවරු සවි කෙරේ…..
මහියංගණ බදුල්ල මාර්ගයේ , සිදුවන රථවාහන අනතුරු වලක්වාගැනීමේ අරමුණ ඇතිව කන්දකැටිය පොලිසියේ ස්ථානාධිපති ජයතිලක මහතාගේ උපදෙස් පරිදි, රථවාහන අංශයේ ස්ථානාධිපති 41886 භාරතී සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් රථවාහන අංශයේ නිළධාරින් විසින්, මාර්ගයේ අධිකව අනතුරු සිදුවන ස්ථාන හදුනාගෙන, එම ස්ථානවල , මාර්ග අනතුරු වලක්වා ගැනිම සඳහා රථවාහන රියදුරන් දැනුවත් කිරිමේ පුවරු සවි කිරිම පසු සිදු කෙරිණි.




