යතුරු පැදියේ සුනඛයෙකු ගැටී සිදු වු අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට …. 2025-08-14 12.08
බදුල්ල මහියංගණ ප්‍රධාන මර්ගගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් අද 14 දින අළුයම 2.15ට පමණ කරමැටිය බලගොල්ල 28 වැනි කිලෝමිටර් කණුවට නොදුරු ස්ථානයකදි සුනකයෙකුගේ (බල්ලෙකුගේ) ගැටි සිදුවු අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදි කරු මීගහකිවුල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ බේකරි නිවස, කරමැටිය බදුලුඔය කන්දකැටිය යන ලිපිනයේ පදිංචි කෝරළගේ මිලින්ද මදුමාල් නැමැති 26 හිවිරිදි තරුණයෙකි .
මරණකරු මීගහකිවුල ප්‍රදේශයේ සිට කරමැටිය ප්‍රදේශයේ තම නිවසට පැමිණෙමින් සිටියදි මෙසේ සුනඛයෙකු පාරට පැන එම සුනඛයාගේ ගැටි අනතුරට පත්ව ඇති අතර අනතුරින් තුවාල ලැබු තරුණයා මීගහකිවුල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති අතර අනතුර සිදුවු ස්ථානයේ සුනඛයාද මියගෙස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
ඔයු පැදවු යතුරු පැදියට සුළු අලාභ හිනි සිදුවි ඇතැයිද පොලීසිය සදහන් කරයි .
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි .



