මහියංගණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය, බදුල්ල දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ සහ මහියංගන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් බලගල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.01.02 දින මහියංගණ නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය "සම්භාෂිණි" ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ සදහා ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කොට්ඨාසයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහභාගි විය.
මෙහිදී නව රජයේ දැක්ම වන "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඒ සදහා රජයේ නිළධාරීන්ගේ කාර්‍යභාරය පිළිබදව දැනුවත් කෙරිණි.
එසේම කොට්ඨාශයේ මහජනතාවට බලපානු ලබන ගැටලු සම්බන්ධයෙන් වැදගත් වූ තීන්දූ තීරණ රැසක් ලබා ගැනීමටද හැකි විය.













